නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට මේ ඇමැතිධුරය පිරිනමන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරයෙන් පසුව බව පැවසේ. ජනාධිපතිවරයා ලබන 12 වැනිදා ජපානයේ තෙදින නිල සංචාරයක්‌ සඳහා පිටත්ව යයි.

ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ ඇමැතිධුරය අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බවයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන්නේ, රටේ පවතින තත්වය හමුවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය වෙනුවෙන් පත්කිරීමේ සුදානමක් පවතින බවට වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *