ආණ්ඩුවේ ඉල්ලන් කෑමට වගකිව යුත්තෝ කවුරුන්ද..?

මීට වසර ගනනාවකට ඉහත දී අනුරාධපුර පලාතේ කනේරු ඇට කා මිය ගිය පිරිසේ වර්ධනයක් දක්නට ලැබුණි. එදා ඊට කදිම විසඳුමක් කොළඹ බලධාරීහු යෝජනා කලහ. කොළඹින් අනුරාධපුරයට උපදෙස් ලැබුණේ කනේරු ගස් කපා දමන ලෙසය. මේ පිලිබද චක‍්‍රලේඛනයක් ද අනුරාධපුර දිසාපති කාර්යාලයට නිකුත්කර තිබූ බවක් ගැනද එදා මාධ්‍ය වාර්තා කර තිබුණා.

කනේරුඇට කා මිය යෑම නතරකර ගැනීමට කනේරුගස් කපාදැමීම විසඳුමක් නම් ජනවාර්ගික වෛරය විසුරුවා හරිනු ලැබූ සමහර ”මුහුණු පොත්” අවහිර කිරීමට සමස්ත අන්තර්ජාල පද්ධතියම අඩපන කිරීම විසදුමක් ලෙසින් වර්තමානයේ සමහරු කල්පනා කරන්නේ දැයි කියන්න දන්නේ නැත.

පසුගිය දා නුවර ප‍්‍රදේශයේ ඇති වූ ජනවාර්ගික ආරවුලට ”මුහුණු පොතේ” දායකත්වය බැහැර කළ නොහැකිය. එය බුර බුරා නැගි ජනවාර්ගික ගින්නකට පිදුරු දැමීමක් හා සමානය. එ් නිසා වෙනත් මාවතක් හෝ කි‍්‍රයාමාර්ගයක් නොපෙනෙන් නේ නම් පමණක් මුහුණු පොත ඇතුළු අන්තර් ජාලය අවහිර කිරීමට රජය ගත් ක්ෂණික කි‍්‍රයාමාර්ගයේ වරදක් නොපෙනේ. එහෙත් දැන් එය ගිය දුර සම්බන්ධයෙන් එකඟවිය නොහැකිය. පැය 72ක කාල පරාසයකට නම් වරදක් නොපෙනේ. මේ නිසා ඇතිවීමට ඉඩ තිබූ බරපතල තත්ත්වය මගහරවා ගැනීමට ද හැකි වූ බව සත්‍යයකි.

අප ජීවත්වන ගෝලීය පරිසරයට අනුව රටක් වශයෙන් ගත් කළ මෙවැන්නක් අවාසිදායකය. මේ වන විට ඊට එරෙහිව පොදු විරාධතාවයක් මතු වෙමින් පවතී. ආණ්ඩුවේ ඇමතිවරු අතරද මේ සම්බන්ධයෙන් එක් මතයක් නොමැති ගානය. ඇදිරි නීතිය අහෝසිවීමත් සමඟම අන්තර් ජාලයේ අවහිර කිරීම් නතර කරගත්තා නම් යහපත්ය. දැන් ආණ්ඩුව වෙනත් වුවමනාවක් මෙමගින් ඉටුකර ගැනීමට යනවාදෝ යන සැකය මතුවෙමින් පවති. එය රජයට හොදක් වන්නේ නැත.

විශේෂයෙන් ම නවීන ලෝකයේ ගෝලීය පරිසරයක සංවර්ධනය වන්නා වු රටක් ලෙසින් ශී‍්‍ර ලංකාව අන්තර් ජාල අවහිර කිරීමකට යා යුත්තේ අපේ දුර්වලකම් නිසාම පැනනගින වෙනත් හේතූන් නිසා. වෙන කළ හැකි යමක් නොමැතිකමට යොදා ගන්නා අවසන් තුරුම්බුවක් ලෙසිනි. අද ව්‍යාපාරික ලෝකයේ ආර්ථික කටයුතු විදේශීය රැුකියාවල විරතව සිටින දේශීය ජනයාගේ සම්බන්ධතා සිදු වන්නේ ‘මුහුණු පොත’ හා අන්තර්ජාලය හරහාය. අන්තර්ජාලය හරහා සිදු කරණු ලබන (”ඔන්ලයින් මාකටින්”* ස්වයං රැුකියා ව්‍යාපාරික කටයුත-ුවල නිරතවන පිරිස ලක්ෂ දෙකක් පමණ වේ යැයි ගනන් බලා තිබේ.

යහපාලන ආණ්ඩුවක් යටතේ වුවද ශී‍්‍ර ලංකාවට හදිසි අර්බුදයකදී මේ අයුරින් අන්තර් ජාග අවහිර කිරීමකට යෑමට සිදු වූයේ ඇයි ? මේ ගැන සාකච්ඡුා කිරීම වැදගත්ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් මේ රටේ බුද්ධි අංශවල කඩාවැටීම නිසාය. පෙට්රල් බෝම්බ නිෂ්පාදනය කරණ අයුරු මුහුණු පොතේ හුවමාරු වනතුරුම බුද්ධි අංශ සිටියේ කොහේදැයි කියන්න දන්නේ නැත. ඔවුනගේ බුද්ධිමය රහසිගත සොයාබැලීම්වලට එ්වා හසුනොවීම පුදුමු සහගතය.

තෙල්දෙණිය හා දිගන ප‍්‍රදේශවල වාර්ගික කලබලවලට සම්බන්ධ යැයි සැකකරන ‘මහසෝන් බලකාය’ නමැති ජාතිවාදී අන්තවාදී සංවිධානය හිටි හැටියේ මතුවූවක් නොවේ. එම සංවිධානයේ මාධ්‍ය ස්ථානයක් සේ සැලකෙන ස්ථානයක් දිගන ප‍්‍රදේශයේ ‘අර්ල්රිජන් හෝටලය’ අසල කලක සිට පවත්වාගෙන යන බව ආරක්ෂක අංශ නොදැන සිටියා ද? මීට කලකට පෙර මේ සම්බන්ධයෙන් තමා පොලීසියට පැමිණි කල බව නුවර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය එම්. එච්. සලීම් පසුගිය දා කල අනාවරණය කළ සෑම මාධ්‍යයක්ම වාර්තා කර තිබුණි. මේ ඊයේ පෙරේදා සෝදිසි මෙහෙයුමකදී පැට්රල් බෝම්බ පවා එම ස්ථානයෙන් හමුවිය.

අම්පාරේ ‘වද පෙත්තෙන්’ නොසන්සුන් වී සිටි සිංහල බෞද්ධ ජන සමාජය මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව මානසික වියවුලක පටලවනු ලැබුවේ මෙවන් අන්තවාදී සංවිධාන බව පැහැදිලිය. සමාජ මාධ්‍ය එ් සඳහා කදිමට උපයෝගී කරගනු ලැබීය. මේ කිසිවක් අපේ බුද්ධි අංශවලට හසු වී නැත. හලීන් අමාත්‍යවරයා ඇඟිල්ලෙන් ඇන කරනු ලැබු පැහැදිලි කිරීම් ද ගණන් ගෙන නොමැත. හලීම් කන්ද උඩරට නියෝජනය කරනු ලබන මාධ්‍යස්ථ එක්සත් ජාතික පාක්‍ෂික මුස්ලිම් නායකයෙකි. එ්. සී. එස්. හමීඞ් නමැති කීර්තිමත් වදේශ අමාත්‍යවරයාගේ ඥතියෙකි.

එසේ නම් වරද ඇත්තේ කොතනදැයි පැහැදිලිය. අදාල අංශ අවබෝධයකින් යුතුව රට වෙනුවෙන් තම රාජකාරිය ඉටුකලානම් මුහුණු පොතෙන් ජාතිවාදය අවස්සන පිස්සු හුටංලා අල්ලා ගැනීම එතරම් ප‍්‍රශ්නයක් නොවනු ඇත. කාට කාටත් ‘මුහුණුපොත’ නියාමනයකට ලක් කළ යුතු යැයි මතක් වී තිබෙන්නේ දැන්ය. එය හරියට ශාරීරික අවශ්‍යතාවයක් ඇති වූ පසුව අදාල කාර්ය ඉටුකර ගැනීමට පිට්ටනි හොයනවා වාගේ වැඩක්ය. මීළඟ කැරැුල්ල ඇතිවන තුරුම ඔය කතාකරන නියාමනයද අමතක වී යා හැකිය.

මේ වන විට අම්පාරේ ‘වඳපෙත්ත’ පිටිගුලියක් බවට පත්ව තිබේ. රජයේ රසපරීක්‍ෂකවරයාගේ නිඟමනයට අනුව නිකම්ම නිකන් පිටුගුලියකි. වෛද්‍යවරුන් ද සඳහන් කරන්නේ එවන් වඳපෙති නිෂ්පාදනයක් තවමත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කොතැනකවත් දක්නට නොලැබෙන බවය. එසේ නම් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහල ප‍්‍රජාව කුපිතකළ පිරිස් සිදුකර තිබෙන්නේ බරපතල අපරාධයකි. රටක් අළු¥විලිකර හැකි ගනයේ අපරාධයකි. අම්පාරේ කඩ ගිණිබත් කරමින් ඇරඹි කැරැුල්ල එහි ප‍්‍රතිඵලයකි. තෙල්දෙණියේ හා දිගනදී දක්නට ලැබුණේ එම නොසන්සුන්තාවයේම තවත් දිගුවකි.

වාර්ගික සහජීවනය වෙනුවෙන් පෙනීසිටින රජයක් වුවද මේවා සම්බන්ධයෙන් වගේ වගක් නැති ගානට සිටීම පුදුම සහගතය. අම්පාරේ වඳ පෙත්තට අදාල රසපරීක්‍ෂකවරයාගේ වාර්තාවට වුවද එතරම් ප‍්‍රසිද්ධියක් නොලැබුණි. එය රජයේ මාධ්‍යවල වුවද විශේෂ ප‍්‍රවෘත්තියක් වූයේ නැත. ඊට වඩා ගායක වික්ටර් රත්නායකගේ භාර්යාව පිළිබඳ තොරතුරු ඔවුනට වැදගත්ය. ආණ්ඩුවේ සමහර මාධ්‍ය ප‍්‍රධානීන් මේවා සම්බන්ධයෙන් කල්පනා කිරීමට හා සොයා බැලීමට රටේවත් සිටියා දැයි කියන්න දන්නේ නැත. ඔවුන් ද එ් තරමටම විදේශ සංචාරවලය.

සමස්තයක් වශයෙන් ගත් කළ නුවර සිදුවීමේ ආරම්භයත් සමඟ වුවද පොලීසියේ හැසිරීම ප‍්‍රශ්නකාරීය. ”පොලීසිය බලා යිටියදී අපේ කඩවලට ගැහුවා”

මුස්ලිම් නායකයෝ පසුගියදා තම ප‍්‍රජාවේ මතය කෙළින්ම මාධ්‍යයට ඉදිරිපත් කළහ. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් චෝදනාව බරපතලය. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සඳහන් කරන්නේ මෙවන් ආණ්ඩුවක සිටීම පවා ලජ්ජා සහගත බවය. මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හකීම් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ප‍්‍රකාශයද බරපතලය. පොලීසිය කිසිවක් නොකලා යැයි මින් අදහස් නොවේ. එහෙත් මහජන මුදලින් පඩි ලබන ඔවුන් මීට වඩා රට වෙනුවෙන් වගකීම් සහගත විය යුතුව තිබුණි. ආණ්ඩුව පසුගිය සමයේ පොලිසිය සම්බන්ධයෙන් ගනු ලැබූ යම් යම් කි‍්‍රයාමාර්ග මේ තත්ත්වයට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත. එ් ගැනත් සොයාබැලීම වැදගත්ය.

1983 කළු ජූලියේ දී හා 2014 බේරුවලදී එවකට පැවැති ආණ්ඩු මෙන් මෙවන් කැරැුලිකාර වාර්ගික ආරවුල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති බව නම් පැහැදිලිය. එහෙත් ආණ්ඩුවේ පතෝල හැසිරීම, බුද්ධි අංශවල කඩා වැටීම, ආණ්ඩුවක් වශයෙන් ගත්කළ ප‍්‍රශ්නකාරීය.

මෙවන් පසුබිමක මේ රටේ සුළු ජනයා වුවද අනාගතයේ දී ශක්තිමත් මධ්‍යස්ථව කල්පනා කරන සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයෙක් පසුපස යෑමට කල්පනා කළහොත් පුදුමුවිය යුතු නැත. මේ නිසා සුළු ජනයා හැමදාම අප සමඟ යන සිතුවිල්ලට ඉදිරියේදී ද වටිනාකමක් ලැබෙන්නේ වරදකරුවන්ට දඬුවම් පමුණුවමින් ආණ්ඩුව ගනු ලබන ඍජු තීන්දු තීරණ මතය.

එදා 2014දී බේරුවල සිදුවීමේ වරදකරුවන් සොයා ගැනීමට පසුගිය පාලනය අපොහොසත් විය. මුස්ලිම් ඡුන්ද පදනම හිටපු ජනාධිපතිවරයා හැර යෑමට තීරණාත්මක සාධකයක් ලෙසින් බේරුවල ගැටුමද එක් හේතුවක් වුණි. අද එ් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කණගාටුවන බව පෙනේ. ඔහු අද එය දකින්නේ තම රජය යටතේම සිදු වූ කුමන්ත‍්‍රණයක් ලෙසිනි. එහෙත් කුමන්ත‍්‍රණකරුවෝ හඳුනාගත්තේ නැත. අවසානේ සියලූ කුණු බේරුවල් බොක්කට කියන්නා සේ විධායකයට ම බැරවිය. පරීක්‍ෂණයකින් පසු බේරුවල සිදුවීමේ වරදකරුවන් නීතියේ රැුහැනට ගෙන එ්මට නොහැකි වීමේ විපාක හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් විඳින්නට සිදුවිය. වාර්ගික ප‍්‍රශ්නවල දේශපාලනයේ හැටි එහෙමය.

වත්මන් රජය යටතේ ද ගිංතොට ගැටුමක් ඇතිවය. අම්පාරේ ගිණි තැබීම් සිදුවිය. ව්‍යාපාරික ස්ථාන යාන වාහන ගෙවල් ෙදාරවල් සමඟින් මහනුවර ආරවුලේ සිදුවීම් 462කි. සිදු වූ අලාභහානිවල වන්දිගෙවා සියල්ල යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති මෛතී‍්‍ර මේ වනවිටත් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී ඇත. ඊට අදාළ ප‍්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැපයීමට නියමිතය. එළඹෙන වෙසක් පෝයට ප‍්‍රථම සියල්ල යථා තත්ත්වයට පත්කිරීමේ තිර අදිටනක් හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායකයන්ට ඇත. ඉන්පසු ‘සහජීවන වෙසක් සැමරුමකට’ ද ඔවුහු සූදානම් වෙති. හමුදා නායකයෙකු ලෙසින් හමුදාපතිවරයා ඍජු තීන්දු තීරණ ගනිමින් කාටත් ආදර්ශයක් සපයන බව පෙනේ. ඔහු කෙරේ ජාතීන් අතර විශ්වාසයක් ද ගොඩනැෙඟමින් පවතී. කාගෙන් හෝ ආදර්ශයක් ගැනීමට සූදානම් නැති දේශපාලඥයින් වෙත්නම් හමුදාපති මහේෂ් සේනානායකගෙන් වුවද එවැන්නක් ලබාගත්තාට වරදක් නැත.

එහෙත් පුනරුත්ථාපනයෙන් පමණක් පැහැරී ඇති සිත්සතන් සුවපත් නොවේ. ඊට රටක් වශයෙන් අපට දිගු ගමනක් යා යුතුව ඇත. මෙවන් ඛේදවාචකවල සුල මුල සොයා වරදකරුවන් නීතියේ රැුහැනට හසුකර ගැනීම අත්‍යාවශ්‍යය. උපරිම දඬුවම් ලබාදිය හැකි වාතාවරණයක් එ් සඳහා සැකසීම අත්‍යාවශ්‍යය. ජනාධිතිවරයා යෝජනාකරන ජනාධිපති කොමිෂම ඊට උපයෝගීකරගත හැකිය.

එසේ නොමැතිව පදනමකින් තොරව විපක්ෂයේ විවිධ පුද්ගලයින්ගේ නම් සඳහන් කරමින් විවිධ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේ කරනු ලබන හැංගිමුත්තං සෙල්ලම දැන්වත් නතර කිරීමට කාලය එළඹ තිබේ. එසේ නොමැතිව එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීමෙන් පලක් නොවේ. බේරුවලින් –ගින්තොටට, ගින්තොටින් අම්පාරට, තෙල්දෙණියට හා දිගනට ඇදීයන මේ වාර්ගික කැරැුල්ලට නිසි වගකිව යුත්තන් තවමත් හමුවී නොමැත. එ් වෙනුවට පුනරුත්ථාපනය හා ප‍්‍රතිසංස්කරණ කටයුතු අදාල ප‍්‍රජාවට උරුමව තිබේ. හදිසි නීතිය, අදිරිනීතිය හා අන්තර්ජාල අවහිරතා රටට උරුමව ඇත. එ්ත් ප‍්‍රශ්නයට විසඳුමක් හෝ විපතට වගකිව යුත්තන් හා ඊට අදාල දේශපාලන විසඳුම් පෙනෙනතෙක් මානයක දක්නට නොලැබේ.

පුනරුත්ථාපනයට ප‍්‍රතිසංස්කරණයට පමණක් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ. එ් මුදල් හමුදාවට මුදා හැරීමෙන් පසු ඔවුන් එ් සියල්ල ඉතා ඉහළින් ඉටුකරනු ලබනු ඇත. රටකට ආණ්ඩු අවශ්‍ය වන්නේ ප‍්‍රශ්නවලට නිසි දේශපාලන හා ජාතික මට්ටමේ විසඳුම් සොයා ගැනීමටය. වසර 70 තිස්සේ අප පැහැර හරිමින් සිටින්නේ එම වගකීම බව අමුතුවෙන් කිව යුතු නැත. එ් සම්බන්ධයෙන් මේ රටේ ආණ්ඩුකරන හා දේශපාලනය කරන අය ලැජ්ජා විය යුතුය.

-වසන්ත පි‍්‍රය රාමනායක-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.