අප්‍රේල් 04 වනදා රාත්‍රී 9.00ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන්!

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වියයුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් හතරවන දා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී කමිටුවක් පත් කළ බවත් එම වාර්තාවේ අඩංගු කරුණු 15 වෙන් කරුණු 13 ක් මෙම විශ්වාසභංග යෝජනාවේ අඩංගුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම හේතුව නිසා මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂ වීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බවත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය අප්‍රේල් දෙවන දින ප්‍රකාශ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.