මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට කබීර්ගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ…

මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 18 පමණක් වන අතර අවිස්සාවේල්ල අාසනයේ හිටපු එජාප සංවිධායකවරයා වන උපුල් විරසිංහ මහතා වැඩි ඡන්ද 450කින් පමණ තම කොට්ඨාශය ජයග්‍රහනය කිරීමත් සමගින් අාසන සංවිධායකධුරය තමන්ට අහිමි වේ යැයි බීරන්ත වු ලෙනාඩ් කරුණාරත්න කබීර් සමගින් එක්වෙමින් කළු සල්ලි විසිකරමින් පිංතු නැවත නගරාධිපති පුටුවේ ඉන්දවීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර අැති බව අපට වාර්තා වේ…

පිංතු යනු තම ගම් ප්‍රදේශයේ දැඩි ලෙස අපවාදයට ලක්වු පුද්ගලයෙක් වන අතර ඔහුට එරෙහිව කැලෑ පත්තර පවා පසුගිය සමයේ ගම පුරා දක්නට ලැබී අැත. වංචා දුෂණ මෙන්ම කන්තාවන් කෙරහි අැලෙන පැණියෙකු වන මොහුගේ මෙම ක්‍රියාවන් නිසා සමස්ත ගම්වාසින් මොහුට එරෙහිව උද්ඝෝෂණ වල නිරතවනු දක්නට ලැබිණි. ඡන්ද 450කින් ජයගත් උපුල් පසෙකට දමා ඡන්ද 18කින් ජයගත් ප්‍රතිපත්තියක් නැති ගෙම්බෙකු නගරාධිපතිධුරයට ඔසවා තැබීමට එජාපය දරන අත්සහය හේතුවෙන් නගර සභාවේ බලය පොහොට්ටුව ඩැහැගැනීමේ තැතක්ද ක්‍රියාත්මක වන බව විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත..

පසුගිය දිනෙක එජාප මන්ත්‍රිවරයෙකුගේ නිවසට ගොඩවු පිංතු උඹට ලක්ෂ 50ක් දෙන්නම් ඡන්දෙදි මට උදවු කරපං.. උපුල් කියන්නේ බලයට එන්නේ නැති එකෙක්.. යනුවෙන් පවසා අැති අතර මේ මුල්‍ය ගණුදෙනු පසුපස ලෙනාඩ්-කබීර්-රවී යන තිදෙනා සිටින බව අපට වාර්තා වේ..

ජනතා පරමාධිපත්‍යය බල්ලට දමා කළු සල්ලි මතින් තම බලු කුක්කන් ලොකු පුටුවලට දැක්කීමේ කාලකණ්නි මෙහයුම පරාජය කිරිමට ජනතාව සමගින් සියළු බලවේග එක්විය යුතු බව අප තරයේ විශ්වාස කරමු..

 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *