මේ මුල් ඡායාරූපයෙ තියෙන්නෙ රුවන්මැලි මහා සෑය. ඒකෙ ඩිසයින් එක නිකං ආවට ගියාට ගහපු කෝම්පිට්ටුවක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ වියවුල් වුන සිත් ඒ වියවුලෙන් මුදවන්න. විඩාබර සිත් වලට ඉසිඹුවක් දෙන්න.දුවන සිත් වලට හුස්මක් ගන්න විරාමයක් දෙන්න. සෙනග නැති, සද්දෙ නැති රෑක ඔතන පැයක් දෙකක් හිටපු කෙනෙක් දන්නව මේකෙ ඇත්ත නැත්ත.
ඇත්ත හොඳටම දන්න අය තමයි හිරු ටීවී එකේ ඉන්නෙ. එයාල ආගමික දේවල් මාකට් කරන එක කාල ඉන්න “මාකටින් පොරවල්”.
නිකම්ම නිකං ධාතු මාකට් වෙනව අඩුයි කියල එයාල තේරුම් ගත්ත. මොකද කලේ? ධාතු, නිසැක ධාතු කලා. ආටිෆිශල් ස්කෙයසිටි (artificial scarcity) එකක් හදල පෙන්නුව. අන්න එහෙමයි දෙයක් විකුණන්නෙ.
ඉතින් මෙයාලට රුවන්මැලිසෑය දැක්පු ගමන් තේරෙනව මේක නම් මාකට් කරන්න අමාරුයි කියල. මේ සුදු පාට, පොඩ්ඩක්වත් හැපනින් නැති කෝම්පිට්ටුවෙන්නම් බඩු විකුණන්න බෑ. මොකද කලේ? දුන්න ටයිම්ස් ස්ක්වෙයාර් මේක්-ඕවර් එක. එකම චෛත්‍ය දිහා දිගටම බලන් ඉන්න එක බෝරින් නෙ. ඒ වෙනුවට ලේසර් ලයිට් සිස්ටම් එකක් ගහල දැම්ම තප්පර ගාණෙන් වෙනස් වෙන රූප රටා ටිකක්. එකම සුදු පාට ඩල් නෙ. ඒ වෙනුවට ලස්සන ලස්සන පාට ටිකක්. අන්න දැන් රුවන්මැලිසෑය මාකටබල් ප්‍රොඩක්ට් එකක්.
බය නැතුව විකුණන්න පුලුවන්.
තේ කඩයක උනත් බිස්නස් එන්න නම් නිකම් බෑ. හොඳට පාට පාට නිවෙන පත්තුවෙන ලයිට් ටිකක් එහෙම දාල ඇටෙන්ශන් ගන්න ඕන.
මාකටින් ටීම් එකකට රුවන්මැලිසෑයෙයි තේ කඩේකයි වෙනසක් නෑ. විශේෂයෙන්ම මේ මාකටින් ටීම් එකකට. මෙයාලගෙ ස්පෙශලිටි එක ආගම් විකුණන එක.
ඔන්න ඔහොමයි රුවන්මැලිසෑය නේකවර්ණ ආලෝක පූජාවෙන් සරසන්න කුඩුබිස්නකාරයෙක්ට හිතුනෙ. නැතුව ආගමකටවත්, ආට් වලටවත්, මොනම මගුලකටවත් ඇති ආදරේකට නෙවෙයි. මුලු වැඩේම කරන්නෙ මාකටින් ටීම් එක. අරමුණ බඩු විකුණන එක. සල්ලි හම්බුකරන එක.
කවුරු මොනව හම්බු කරත් අපිට නම් කමක් නෑ. හැබැයි ඔය හිතෙන හිතෙන විදියට මාකට් කරන්නෙ එයාලට අයිති දේවල්ද? සංරක්ශිත පුරාවස්තු තියෙන්නෙ කුඩුරජාලගෙ පොකට් පුරවන්නද? ඔය දේවල් අපි හැමෝටම අයිති දේවල් නේද?
අපිට මේව දකිද්දි අවුල් යන එක වැරදිද..?
එම වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් සමාජ ජාලවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.