වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ යළි දෙදරීමක් සිදුවීමට ඉතා ආසන්න බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු එම අමාත්‍යධුරවලින් නෙරපා දමන ලෙසට එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් දැඩිව ඉල්ලා ඇති අතර ඊට ජනාධිපතිවරයා ප්රමුඛ ශ්රීලනිපය මෙතෙක් එකඟ වී නොමැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යළි අද (09) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්විමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් මේ වන විට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
අද (09) රාත්‍රී 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්විම පැවැත්වෙන මේ සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ලැබෙනු ඇති බවට වාර්තාවේ.
මෙම තීරණයෙන් පසුව ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද නියමිතය.