රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදුකරන ලද බවට වාර්තා වන වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27 දෙනෙකු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් මරණිය තර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (10) රහස් පොලිසියට නියෝග කෙළේය.
සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (10) යළි කැඳවු අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවය විසින් අධිකරණයට සැල කළ කරුණු සළකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කෙළේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා පවසා සිටියේ මෙම සිද්ධියේ ඇසින් දුටු ප්‍රධාන සාක්කිකරු වන බන්දුල ලියනආරච්චි මහතාගේ බිරියට අවිගත් පිරිසක් පැමිණ 2018/4/6 වන දින තර්ජනය සිදු කැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බවය.
මෙහිදි මහේස්ත්‍රාත්වරයා සදහන් කරනු ලැබුවේ 2015 අංක 4 දරණ සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත ප්‍රකාරව රහස් පොලිසිය ඒ සම්බන්ධව කරුණු සොයා බලා කටයුතු කළ යුතුව ඇති බවත් සාක්කිකරුවන් ආරක්ෂා කිරිමට පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කරන ලෙසට රහස් පොලිසියට දැනුම් දුන්නේය.
2012 වසරේ සිදු වු බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් එවකට සිටි පාලන අධිකාරිය විසින් නිසි සැලකිල්ලක් නොකළ බවත් පත් කළ කමිටු මඟින් සිදු කෙළේ කුමක්ද ? කියා තවමත් නොදන්නා බව පැවසු නීතිඥවරයා සිද්ධියට අදාළ සැකකරුවන් වන එවකට සිටි කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි හා බන්ධනා බුද්ධි අංශ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් යන දෙදෙනා විදේශගත ව ඇති බව පැවසීය.
රීට් පෙත්සමක් ගොනු කිරිමෙන් අනතුරුව විමර්ශන ආරම්භ වු බව සදහන් කළ නීතිඥවරයා වත්මත් ආණ්ඩුව විසින් මෙම කරුණ සම්බන්ධව සාධාරණයක් ඉටු කිරිමට ක්‍රියා කිරිම සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බව පැවසීය.
රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කෙළේ සාක්කිකරුවන්ගේ ප්‍රකාශ මත ඉදිරි විමර්ශන පවත්වන බවත් ඉදිරියේ දි අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු අනාවරණය කරන බව සදහන් කළේය.
දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියේ තර්ජනය කිරිම සම්බන්ධව තමන් දැනුවත් නොමැති බවත් ඒ වන විටත් සිය සේවාදායකයා අත්අඩංගුවේ පසු වු බවය.
පල්ලේ කුඹුර වලව්වේ කුඩා බණ්ඩාර විශ්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරිවරයා මිට ඉහත දී දෙවතාවක් එනම් 2017/9 /18හා 2017/9/21 යන දෙදින රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබා දුන්නද සැකකරුවන් සම්බන්ධව කිසිවත් පවසා නැති බව පෙන්වා දුන් නීතිඥවරයා පසුව කිසිවෙකුගේ බලපැම් මත ප්‍රකාශ ලබා දි ඇති බව සදහන් කෙළේය.
ඔහුට විරුද්ධව නිවාස කුලි මුදල් නොගෙවිම සම්බන්ධයෙන් දන්ඩන මුදලක් අය කිරිම සදහා ලිපි ලේඛන ඒවා තිබෙන බවත් ප්‍රධාන ජේලර් ලෙස නිර්දේශ නොකිරිම සම්බන්ධව ද ඔහු සිය සේවාදායකයා සමඟ අපනාප ව සිටි බවට ද සඳහන් කර සිටියේය.
තවද ජාත්‍යන්තරව ආණ්ඩුවට ඇති කළ පිඩනය හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් නිතිපති උපදෙස් ලැබිමට ප්‍රථම සැකකරුවන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්බවට නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නිතිපති උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් ලබා දි තිබිය දි අත්අඩංගුවට නොගෙන සිටින සැකකරුවන් ඕනතරම් සිටින බව සඳහන් කෙළේය.
පළමු සැකකරු වෙනුවෙන් නීතිඥ අසිස් සිරිවර්ධන මහතා සදහන් කෙළේ තම සේවාදායකයාට 2017 දී ප්‍රකාශ ලබාගෙන ගෙදර යන්න කිව් රහස් පොලිසිය ඔහු පසුව අත්අඩංගුවට ගැනිම පුදුමයක් බවත් සේවා ගිනිඅවි රසපරික්ෂක වෙත යොමු කර වාර්තා කැඳවිමට ක්‍රියා කර ඇතත් මේ දක්වා රස පරික්ෂක වාර්තා ලැබි නොමැති බව සදහන් කෙළේය.
වර්ෂ 2018 නීතිපති වෙත යොමු කර ඇති මෙම නඩුව සම්බන්ධ සැකකරුවන් මාර්තු 28 නිතිපති උපදෙස් ලැබිමට ප්‍රථම අත්අඩංගුවට ගත් බවට පෙන්වා දුන්නේය.
සිය සේවාදායකයා විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 400ක වැටලිම් සිදු කැර ඇති බවත් මරණීය දණ්ඩනය නියම වු සැකකරුවන් 40ක් ද තවත් මරණිය දණ්ඩනය නියමවිමට නියමිත සැකකරුවන් 40 ක් සිටින බවට කරුණු පෙන්වා දුන් නීතිඥවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා ඉහළ පොලිස් නිලධාරින්ගේ අවශ්‍යතාවය මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පැවසීය.
අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වන හිටපු බන්ධනාගාර අධිකාරිවරයා වන එමිල් රංජන් ළමාහේවා මහතා හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරික්ෂක මෝසස් රංගජිව නියෝමාල් යන අය මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කෙළේය.බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකරුවන් විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබු අතර සැකකරුවන් ආරක්ෂා කිරිම සදහා සිවිල් පුද්ගලයින් විශාල පිරිසක් මාධ්‍යට බාධා කරමින් හැසිරෙනු දක්නට ලැබිණ.
වැලිකඩ බන්ධනාගාරය සතු ව ඇති මත්ද්‍රව්‍ය ජංගම දුරකථන හා වෙනත් නිති විරෝධි භාණ්ඩ අත්අඩංගුවට ගැනිම සදහා 2012/11/09 දින විශේෂ කාර්ය බලකාය , බන්ධනාගාර බුද්ධි නිලධාරින් හා බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි ඊට විරුද්ධව රැදවියන් කලහකාරි ලෙස හැසිරෙමින් දෛනික අවි නිකුත් කරන ගබඩාව බිඳ ගිනි අවි රැගෙන විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තබමින් වැලිකඩ බන්ධනාගාර පාලනය රැදවියන් සියතට ගැනිමෙන් ඇති වු තත්ත්වය පාලනය කිරිම සදහා ක්‍රියාත්මක මෙහෙයුම රැදවියන් ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි 2017/7/18 වන දින රහස් පොලිසිය විමර්ශන භාර ගෙන තිබිණ.
මලින්ද නිලෙන්ද්‍ර නොහොත් මාලන්,නිර්මල අතපත්තු,මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු මාමා ,චින්තමානි මෙහොට්ටිලාගේ තුෂාර චන්දන නොහොත් කළු තුෂාර,පොන්න කපිල නොහොත් අන්ද්‍රපුලිගේ ජොතිපාල,හර්ෂ ශ්‍රී කිර්ති පෙරේරා නොහොත් මංජු ශ්‍රී , මාලි සුසන්ත නොහොත් රයිගමගේ සුසන්ත පෙරේරා, කොණ්ඩ අමිල නොහොත් දේවමලලගේ මලිත් සමිර පෙරේරා යන අය මෙසේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවට වාර්තාවේ සඳහාන්ය.