නිදහසේ අවුරුදු කෑ මහින්දානන්ද දවසකට ඇතුලට ගිහින් එන්න යයි!

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙවර අවුරුදු කන්න නොදී මහින්දානන්දව මෙලෙස ඇතුලට දමා වී යැයි ප්‍රචාරයක් ගියද මහින්දානන්ද සුපුරුදු පරිදි නිදහසේ ජයට අවුරුදු කෑමට වාසනාවන්ත වූ අතර ඊට මේ රජයේ ප්‍රබලම සහ ඉහළම දේශපාලඥයින්ගේ ආධාර අනුබල ලැබුණු බවද ප්‍රසිද්ධ රහසක්ව පවතී.

කෙසේ වෙතත් රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවාද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය අද(16) නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් මන්ත්‍රීවරයාව හෙට දිනය දක්වා රිමාන්ඩ් කිරීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රිඩා අමාත්‍යංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රිඩා ආම්පන්න මිල දී ගැනීමේදී රජයේ මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද පෙරවරුවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ චෝදනාවට භාජනය වී තිබෙන මුදල් පොදු දේපළ ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පවතින බවයි.

එම තර්කයට අනුව සැකකාර මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයාට මැයි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.