ජනතාව පිට බදු බර වැඩි කළ මංගලගේ බදු ගැහිල්ල ආණ්ඩුවට පාරාවළල්ලක්! (විශේෂ)

ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී.

නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව බව මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ එක්තරා ජාතික පුවත්පතකට පවසා ඇත.

බදු නිදහස්‌ සීමාවක්‌ ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක්‌ වන අතර මේ අනුව ඔවුන්ගේ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 15 ක්‌ දක්‌වා බද්දෙන් නිදහස්‌ වේ. එනම් මසකට රු. 125000 ක්‌ දක්‌වා ඔවුන්ගේ පොලී ආදායමට බදු අය නොකෙරේ.

මේ අනුව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා බැංකුව ගෙවන පොලී ආදායම මත මේ සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායමෙන්ද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කෙරෙනු ඇත. මෙය ඉදිරියේදී විදේශ සේවා නියුක්‌තිකයින් රටට විදේශ විනිමය එවීම අධෛර්යවත් වීමට හේතු වනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශ නියෝජිතයෝ සඳහන් කරති.

නව බදු ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත්, ඒ අනුව අපටම ආවේණික වූ නව බදු ප්‍රතිපත්තියක් තමන් මුදල් ඇමතිව සිටි අවධියේ රටට හදුන්වා දුන් බවත්, එහෙත් වර්තමානයේ ක්‍රියාවට නගන්නට සූදානම්වන බදු ප්‍රතිපත්තිය ඊට හාත්පසින්ම වෙනස් බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසක් බවත්, ශ්‍රී ලංකිකයන් වශයෙන් විදේශීකයන් පවසන දේ ඒ ආකාරයෙන්ම සිදු නොකළයුතු බවත් හිටපු ඇමති රවී කරුණානායක මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *