එජාපයේ පළමු වෙඩිල්ල ජනපති පුස්සක් කරයි

විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකළ පළමු ප්‍රහාරය වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසට එජාපය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‍ෂේප කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, අකිල විරාඡ් කාරියවසම් සහ සරත් ෆොන්සේකා යන අය ජනාධිපතිවරයා හමුවී පසුගියදා මෙම ඉල්ලීම කර ඇත.

අගමැතිවරයාට විරුද්ධ වූ නිසා එම අය තවදුරටත් ආණ්‌ඩුවේ ඇමතිකම් වල තබා ගැනීම සුදුසු නොවන බවත් ඒ නිසා ඔවුන් ඇමැති ධූරවලින් ඉවත් කරන ලෙසත් අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

විශ්වාසභංගයට පක්‍ෂ වූ පමණින් ඔවුන්ව ඉවත් කළ නොහැකි බවත් එසේ නම් විශ්වාසභංග යෝජනා විවාදයේදී තමාට විරුද්ධව චෝදනා කළ එජාප ඇමැතිවරුන්වද ඉවත් කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් ආණ්‌ඩුවේ ඇමැතිධූර දරන කැබිනට්‌ ඇමැතිවරුන් හය දෙනකු ප්‍රමුඛ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 9 දෙනකු සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද විශ්වාසභංගයේදී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *