ඉන්ධන වෙනුවෙන් තවත් අළුත් සූත්‍රයක්; මාස දෙක තුනකට වරක් සංශෝධන

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් කළේ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බවත්, මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවටත් ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය මේ වන විට සකස් කර තිබෙන අතර හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව සඳහන්ය.

ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.