නව බදු පනත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතාවයක් – හි.ජ.කු.පා.ම. මහින්ද

නව බදු පනත නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ නිසා ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කරන බවද ඔහු පවසයි.

ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු ක්‍රමය නිසා ආණ්‌ඩුව පිළිබඳව ජනතා විශ්වාසය දිනෙන් දිනම ඈත් වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නව බදු ක්‍රමයට එරෙහි විරෝධය සිදු කරන ආකාරය තීරණය කිරීමට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනකුගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන බවද කීය.

ආණ්‌ඩුව කරන කියන දේවල් ආණ්‌ඩුවේ අයටත් තේරුම් ගැනීමට නොහැකි බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා ආණ්‌ඩුව පිරිහී ඇතැයි ආණ්‌ඩුවේම මැති ඇමැතිවරුන් පවා හොඳින් දන්නා බව කීවේය.

බැංකු පොලියෙන් පමණක්‌ ජීවත් වන මිනිස්‌සු ඉන්නවා. රැකියාවෙන් විශ්‍රාම ගිය උදවිය ඇතුළු විශාල පිරිසක්‌ මේ විදිහට බැංකු පොලියෙන් ජීවත් වෙනවා. ආණ්‌ඩුව දැන් ඒ පිරිසත් තරහ කරගෙන ආණ්‌ඩුවෙන් කළ යුතු සේවාවන් රැසක්‌ තිබියදී අහිංසක ජනතාවට මේ විදිහට හිරිහැර කිරීම ඉතාමත් අසාධාරණයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්‌ෂය ඊළඟට සූදානම් වෙන්නේ නව බදු ක්‍රමයට එරෙහිව විරෝධය දැක්‌වීමයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.