හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අප්‍රේල් මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2014 වසරේ අවසාන භාගයේ දී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු අද(06) දිනයේ විදේශ ගත වීමට යෑමේ දී අත්අඩංගුවට පත්ව ඇත.
ඒ අතර එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන් ඔහුට විදේශ ගමන් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.