
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක පසුවන බව එම පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අද(10) කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටත් ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක් හෙට (11) පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ප.ව. 6.30 සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වන තෙක් මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු දෙදෙනා වෙනුවට අලුතින් ලේකම්වරු දෙදෙනෙක් පත් කරන ලෙස ද ශ්‍රීලනිප මැති ඇමැතිවරු කිහිප දෙනෙක් එම රැස්‌වීමේදී ජනාධිපතිවරයාට යෝජනා කළහ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී පක්‍ෂව ඡන්දය භාවිතා කළ ඇමැතිවරුන් පිළිබඳව සහ ඉදිරියේදී ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිප භූමිකාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.
ආණ්‌ඩුවේ ඇමැති ධුර වලින් ඉවත් වීමට අවශ්‍ය බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එස්. බී. දිසානායක මහතා එම යෝජනාව ස්‌ථිර කර තිබේ.
චන්දිම වීරක්‌කොඩි ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ද එම යෝජනාවට පක්‍ෂව අදහස් දක්‌වා ඇත.
කෙසේ වෙතත් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරයාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ එම යෝජනාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත.