Exclusive: රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටේ..අවසන් මොහොතේ TNA සහයත් අහිමිවෙයි

විශ්වාසභංගයෙන් බේරීම සඳහා දැනට අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින්ම වැදගත් වූ දෙමළ සන්ධානයේ ඡන්ද අහිමි වී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

අද(03)දහවල් ජනාධිපතිවරයා හමුවී ඇති දෙමළ ජාතික සන්ධානයයේ නායක ආර්.සම්බන්දන් මහතා රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර එම ස්ථාවරයත් සමඟ තව සුළු මොහොතකින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතව ඇත.

එහිදී රනිල්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැලකී සිටීමේ තීරණය දෙමළ ජාතික සන්ධානය විසින් ගැනීමට නියමිත අතර එය අද (03) රාත්‍රී නිලවශයෙන් දැනුම් දීමට නියමිතය.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වූ ඔවුන්ට පක්ෂපාතී ඡන්ද 16ක් රනිල්ට අහිමි වී යන අතර එය රනිල්ගේ පරාජය තවත් ත්‍රීව කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *