රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්‌

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළත් නැතත් හෙට (05) සිට අලුත් ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නා බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එසේ වූවොත් ජාතික ආණ්‌ඩුව අහෝසි වේ. එවිට එජාපය විසින් අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එම පක්‍ෂයේ ඇමැතිවරු පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජය වූවොත් හෙට සිට නව අගමැතිවරයකු පත්ව කැබිනට්‌ මණ්‌ඩලය ද අලුතින් පත් කිරීමට සිදුවේ.

ජාතික ආණ්‌ඩුව අහෝසි වී අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවද්දී දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමාවේ. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිස්‌ පහකට නොවැඩි විය යුතු බවද ව්‍යවස්‌ථා සංශෝධනයේ දැක්‌වේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැක්‌කේ වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ ලබාගත් පක්‍ෂය සහ දෙවනුව වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් පක්‍ෂය එක්‌ව අත්සන් කරන අවබෝධතා ගිවිසුමක්‌ මතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.