
මේ වන විට දේශපාලන කඩා වැටීමකට ලක්ව ඇති වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර එකහමාරක කාලයත් පවතින ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා එජාපය සහ ශ්රීලනිපය යන දෙපාර්ශවය විසින් සාකච්ඡා ඇරඹීමට තීරණය කොට ඇත.
ඒ අනුව නව වැඩපිළිවෙළක් සහිත අලුත් න්‍යාය පත්‍රයක් යටතේ ඉදිරි මාස දහ අටක (18) කාලය තුළ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යැමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා ආරම්භ කර ඇත.
එහිදී ශ්‍රී.ල.නි.ප.ය ජාතික ආණ්ඩුව නියෝජනය කරන ආකාරය පිළිබඳ තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමැතිවරුන් පස් දෙනකුගෙන් යුත් කමිටුවක් ද පත්කර ඇත.
ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතීත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා විසින් නම්කර ඇත.
දැනට මතුව තිබෙන තත්ත්වය පිළිබඳ මෙම කමිටුව එජාපය සමඟ සාකච්ඡා කර මූලික ලේඛනයක් සකස් කරමින් සිටින බව කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඉදිරි මාස දහ අටක කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ යෝජනා ඇතුළත් මෙම ලේඛනය ජනාධිපතිවරයාට භාරදීමට සූදානම්ව සිටින බව ද අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම ලේඛනය භාරදෙන බව ද ඇමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.