එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නියෝජ්‍ය නායක යන තනතුරු හැර අනෙකුත් සියලු තනතුරු වෙනස් කිරීමට එජාප ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂ මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මහා භාණ්‌ඩාගාරික ධූරයට, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩලය ඊයේ (25) පියවර ගනු ලැබීය.
ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත්, එක්‌සත් ජාතික පක්‍ෂ උපනායක වශයෙන් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාත් එ.ජා.ප. සහකාර ලේකම් ධුරය සඳහා රාජ්‍ය ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතාගේ නම යෝජනා වී ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩලය කොළඹ අරලිගහ මන්දිරයේදී ඊයේ සන්ධ්‍යාවේ රැස්‌වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළවෙළට අදාළව පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපය සඳහා අලුත් පත්කිරීම් සිදුවූ දේශපාලන මණ්‌ඩල රැස්‌වීම පුරා පැය දෙකහමාරකට අධික කාලයක් පැවැත්විණි.
එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නීතිය සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්‌ඩාර, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විදුලිබල හා බලශක්‌ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෙ-. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්‌ඩාර හා අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද ඊයේ පැවැති දේශපාලන මණ්‌ඩල රැස්‌වීමට සහභාගී වී සිටියහ.
විදේශ රැකියා සුබ සාධන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊයේ දිනයේත් මෙම රැස්‌වීමට සහභාගි නොවුණේ දැනට දිවයිනෙන් බැහැරව සිටින නිසාය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ අනෙකුත් ප්‍රධාන තනතුරු අද (26 දා) පෙරවරුවේ එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී පත් කිරීමට නියමිතය. එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමට ප්‍රථම ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්‌ද ඊයේ උදැසන පැවැත්විණි.
ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස අවධාරණය කරනු ලැබුවේ පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නවක මුහුණු පත් කළ යුතු බවට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටුව කළ නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියා කළ යුතු බවය.
ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණ බව කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
පක්‍ෂයේ ප්‍රධාන තනතුරුවලට අලුත් මුහුණු පත් කිරීමත් සමග රැඩිකල් වෙනසක් වූ බව ස්‌වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.