අගමැතිට අකමැති වුණු ශ්‍රීලනිප ඇමතිවරු පැන්නීමේ සටන දිගටම

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි බව තම ස්ථාවරය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බවත්, මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අද(11) පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යරවයා මේ බව පැවසීය.

නව කැබිනට් මණ්ඩලයක් ලෙස මෙය පත් කරනු ලැබූවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත්, එහෙත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයෙන් කිහිප දෙනෙකු ඉවත් විමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ඔවුන් ඉවත් වූ පසු නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව පැවසු බවත් අමාත්‍යවරයා පවසයි.

අද දිනයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය ලබා දෙන බව පවසා ඇති බවත් ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පත් කරන බව ද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.