ශ්‍රීලනිපයේ කවුරු විපක්‍ෂයට ගියත් ආණ්‌ඩුව ඉදිරියට යනවා – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කවුරු විපක්‍ෂයට ගියත් මේ ආණ්‌ඩුව ඉදිරියට යන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව අවුරුදු පහක බලයක්‌ ආණ්‌ඩුව කරන්න ලබාදී තිබෙන බවත් ඒ කාලය තුළ කුමන අයකු හා එකතු වී ආණ්‌ඩුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා විදේශගත වීමට පෙර ඇමැතිවරුන් පස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ බවත් එම කමිටුව ඉදිරියට ගත යුතු පියවරයන් සම්බන්ධ වාර්තාවක්‌ ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසු මේ ආණ්‌ඩුව ඉදිරියට ගෙනියන බව ද අමාත්‍යවරයා කීවේ ය.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරු දාසය දෙනකු නොව තවත් පිරිස්‌ විපක්‍ෂයට ගිය ද ආණ්‌ඩුව නොවැටෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කීය.

අද ආණ්‌ඩුවෙන් ඉවත් වෙනව කියන පිරිසෙ අය විවිධ කතා කියනවා. ඩිලාන් පෙරේරා හැමදාම කළේ බලයට පැමිණි නායකයා වර්ණනා කරමින් බලය අහිමි වූ පක්‍ෂයේ නායකයා විවේචනය කිරීමයි. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය බලයේ සිටින විට ඇය ගැන වර්ණනා කළා. ඇය බලයෙන් ඉවත් වූ පසු බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ළඟට ගොස්‌ ඇයව විවේචනය කළා. ඊට පස්‌සෙ බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා ළඟට ගොස්‌ මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියව විවේචනය කළා. ඔහු එදා ඉඳන් බලයට පැමිණෙන නායකයන් ළඟට ගොස්‌ අනිත් අයට බනින එක රටේ කවුරුත් දන්නවා. හෙට අනිද්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් බනින්න පටන් ගනියි. එම නිසා ඩිලාන් පෙරේරා කියන කතා ගණන් ගත යුතු නැති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *