දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ජනපති සහභාගිත්වයෙන්

රට දැය වෙනුවෙන් දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ.

අමරපුර නිකායේ ඌව උඩුකිඳ මහා නායක හා ගලඋඩ ශ‍්‍රී ධර්මනිකේතන පිරිවෙන් කෘත්‍යාධිකාරී ආචාර්ය පූජ්‍ය බොකන්ඔරුවේ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මෙහි මුලසුන හෙබ වූ අතර රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

ඇමරිකාවේ වැඩවෙසෙන පූජ්‍යපාද ආචාර්ය බොකන්ඔරුවේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් පාලි බසින් හෙළ බසට පරිවර්තනය කරන ලද බෞද්ධ වත් පිළිවෙත් සපිරි පරිවර්තිත ග‍්‍රන්ථ කට්ටල සමස්ථ මහවැලි කලාපවල විහාරස්ථාන උදෙසා පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.