ඇමෙරිකා – චීන වෙළෙඳ සටන නිමා වෙයි

එකිනෙකාට එරෙහි තීරු බදු වැඩි කිරීම අත්හිටුවා ද්වීපාර්ශ්වික වෙළෙඳ සටන නිමාවට පත් කිරීමට එකඟ වූ බව චීනය හා ඇමෙරිකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරයි.

එම නිවේදනයෙන් දෙපාර්ශ්වයේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොහැකි වුවද සාධාරණ, සක්‍රීය, සංවර්ධනාත්මක හා විධිමත් ස්වභාවයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සහ අමෙරිකාව අතර දෙදිනක් පුරා පැවැති ආර්ථික හා වෙළඳ සාකච්ඡාව සක්‍රීය ප්‍රතිඵලයක් අත් කර ගැනීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය පාලන සංකල්පයක් වශයෙන් ජනතාවට වඩාත් යහපත සලසා දිය යුතු යැයි මෙවර සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුණ සංකල්පය අමෙරිකානු පාර්ශ්වය පිළි ගෙන තිබේ.

දෙරටේම ජනතාවට පෙරට වඩා ප්‍රායෝගික යහපත උදා කර දීම මෙවර සාකච්ඡාවේ අභිලාෂය වූ අතර එය මූලික කර ගනිමින් කෘෂි නිෂ්පාදන, ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස්, බුද්ධිමය දේපළ අයිතීන් සහ අධි විද්‍යා තාක්ෂණික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවලට අදාළ අපනයන හා ආනයන වෙළෙඳාම සම්බන්ධයෙන් චීනය හා අමරිකාව එකඟතා රැසකට එළඹ තිබේ.

චීන – අමෙරිකා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා විධිමත් ලෙස වර්ධනය වීමටත්, ගෝලීය ආර්ථික හා වෙළෙඳ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමටත් ඉමහත් බලපෑමක් සිදු කරනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.