රට යන අය පැය තුනකට කළින් එන්න

ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා සහභාගීවන සියලුම මගීන්ට පැය තුනකට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.මෙම පියවර ගෙන ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමට බව නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ සේවා ව්‍යවස්ථාවක අනුමත කිරීම, නඩු පැවරීමේ හැකියාව නැවත ලබා ගැනීම, විදේශ දූත සේවා සඳහා ආගමන විගමන නිලධාරීන් ඇතුලත් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින්ය.

අද (17) දහවල් 12.00 සිට නැවත් දැනුම් දෙන තුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.