හොරුන් ඇල්ලුවාට අල්ලස් එකට නොසළකලා

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය අයි.එම්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය රුපියල් කෝටි දෙකක අල්ලස් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ මර්දන විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට මෙතෙක් කිසිදු ඇගැයීමක් හෝ වරප්‍රසාදයක් ලැබී නැතැයි වාර්තා වෙයි.

අල්ලස් ඉතිහාසයේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරියා අත්අඩංගුවට ගත් මෙම විමර්ශනයට දෙසතියක කාලයක් ගත වුවද එහි විමර්ශන නිලධාරීන්ට කිසිදු බලධාරියකු විසින් සේවය ඇගැයීමේ ලිපියක්, වැටුප් වර්ධකයක්, උසස් වීමක්, තෑගි මුදලක් හෝ කිසිදු ඇගැයීමක් ලැබී නොමැති බවද සඳහන් වෙයි.

මේ සිද්ධියේ පැමිණිලිකරු වන එම්.ජී.ෂුගර් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට ඔහු කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙවැනි තත්ත්වයක් තිබියදී මේ වැටලීම සිදු කළ නිලධාරීන්ගේ ආරක්ෂාවද අනතුරක ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා මේ වැටලීම සිදු කළ නිලධාරීන් දිරිමත් කිරීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු කළ යුතු බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.