විද්‍යාත්මක ලෙස කැබිනට්ටුව අලුත් වෙයි; ඇතැම් ඇමතිවරුන්ට බලතල වැඩිවෙයි

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි.

දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

දුමින්ද දිසානායක – වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ අාපදා කළමනාකරණ අමාත්‍ය

කබීර් හෂීම් – අධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය

පී හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා අමාත්‍ය , පළාත් පාලන සභා සහ පාලන අමාත්‍ය

රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය , නීතිය හා සාමය අමාත්‍ය

විජිත් විජිතමුණි සොයිසා – ධීවර අමාත්‍ය සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

ඩී එම් ස්වාමිනාදන් – පුනරුත්තාපන, නැවත පදිංචිකිරීමේ, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය

දයා ගමගේ – සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

විජයදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට (02) දිනයේ දී දිවුරුම් දෙන බව නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ පිළිබඳ අමාත්‍ය – රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද පැවති කැබිනට් සංශෝධනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

හෙට (02) පෙ.ව. 10.30ට නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පැවසීය.

මේ අතර, කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමතිවරුන් දිවුරුම් දීමට නියමිතද යන්න මාධ්‍යවේදීන් නැගූ පැණයට පිළිතුරු ලබාදෙමින්, මද්දුමබණ්ඩාර ඇමතිවරයා පවසා සිටියේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම අද දිනයේදී අවසන් වූ බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *