2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්‍ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු මෙන්ම ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව සමග සමීප සබඳතාවයන් පවත්වන උග්‍ර ෆෙඩරල්වාදියෙකු ගෙන්විම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත.
උග්‍ර දෙමළ ඩයස්පොරාවේ ඉත්තෙකු වන මහාචාර්‍ය රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් ගෝඨාභය පිළේ කිහිප දෙනෙකුම රැස්විම අවසානයේ විමසා ඇති අතර එහිදි ගෝඨා සදහන් කර ඇත්තේ “ඡන්ද දිනන්න බෑ ඒ වගේ මිනිස්සු නැතුව ” යනුවෙනි.
එදා මහින්ද රාජපක්ෂ,ගෝථාභය රාජපක්ෂ ඇතුළු හමුදාවේ ඉහළ නිළධාරින් මිනීමරු LTTE ය සමග යුද වැදී සිටින විට රොහාන් ගුණරත්න මහතා හිටියේ LTTE යට පක්ෂපාතී ස්ථාවරයකය.ඔහු එදා ප්‍රකාශ කළේ LTTE සංවිධාන යුදමය වශයෙන් පරාජය කළ නොහැකි සංවිධානයක් බවයි.ඔහු එම මතය ලොව පුරා තහවරු කිරීමට ප්‍රධාන ලෙස දායක වූ ජාත්‍යන්තර යුද විශ්ලේශකයෙකි.
ගෝඨාභයගේ වියත් මගේ 2030 වසර දක්වා ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආරක්ෂක උපායන් සම්බන්ධව දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්‍ය රොහාන් ගුණරත්න වන අතර ඔහු ආරක්ෂක කටයුතු සම්බන්ධව විශේසඥයෙකි.එසේම දේශපාලන අපරාධ හා ත්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර ගවේශකයෙකි.ඔහුගේ ගවේෂණ කටයුතු පසුගිය දශකයේ බටහිර ආක්‍රමණයන්ට ලක්වූ සියලු රටවල් පදනම් කරගෙන සිදුකර ඇත.ප්‍රසිද්ධ “the lost revelation”(අහිමි විප්ලවය) හා සුප්‍රසිද්ධ ” inside al qaeda global network of terror” යන පොත් රචනා කළ අයෙකුද වේ.
මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ 2020 ජනාධිපතිවරණය ජය ගැනිමට නම් දෙමළ සහ් මුස්ලිම් ඡන්ද අතිශය වැදගත් මෙන්ම තීරණාත්මකම ඡන්ද විම හේතුවෙන් දැන් තියාම ගෝඨාභය තමන් සම්බන්ධයෙන් සුළු ජන කොටස් අතර මතය වෙනස් කිරිම සදහා දැන් සිටම මෙහෙයුම දියත් කරමින් සිටින බවයි එහි එක් පියවරක් ලෙස මහාචාර්‍ය රොහාන් ගුණරත්න කැදවිම දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ.
උපුටනය: ලංකා ලීක්ස්