අඹ ගෙඩි 19ක් සොරාගත් සිද්ධියේ නඩුව යළි විභාගයට

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබා ගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. අදාළ නඩුව ඊයේ (23දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ යළි කැඳවූ අස්ථාවේ මෙසේ නියෝග කරනු ලැබීය.

අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට හා එම අඹ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කළ

සැකකාර කාන්තාව තමන් නිවැරදිකරු බව ද අධිකරණයට දැනුම් දුන් අතර සැකකාර කාන්තාවට ලබන ඔක්තෝබර් මස 02 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *