මර්වින් යළි බලය අතට ගනී..

විජිතපුර පූගොල්ලාගම, බැලුම්ගල නිවාස ව්‍යාපෘතියකට තබා තිබූ මුල්ගල හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පෙරේදා (12) එහි පැමිණ සිටි පිරිස ඉදිරියේදී ගලවා දමන ලදී.

බැලුම්ගල අවට කැලෑ ප්‍රදේශය ඩෝසර් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද සංවර්ධන අධිකාරිය විසින් මේ මුල්ගල තබා තිබිණි.

ඩී.එස්‌.ලා, ඩඩ්ලිලා බණ්‌ඩාරනායකලා, ඡේ.ආර්ලා නිධන් හෑරුවේ නැහැ. ප්‍රේමදාස යුගයේ සිට මේ දක්‌වා නිධන් හාරනවා පුරා වස්‌තු විනාශ කරනවා. මම ඇමැති කාලේ මහින්ද යුගයේත් මේවා සිද්ධ වුණා. මේවා නැවැත්විය යුතුයි. මේ විනාශයට ඉඩම් ලබාදුන් ප්‍රාදේශීය ලේකම්වරිය සිරගත කළ යුතුයි.

විජිතපුර පූගොල්ලාගම, බැලුම්ගල අවට ඩෝසර් කළ පුරාවස්‌තු පිළිබඳ සොයා බැලීමට පෙරේදා පැමිණි මර්වින් සිල්වා මහතා එසේ පැවසීය.

හෙතෙම එහිදී මෙසේද කියා සිටියේය. අද උතුරෙත් නැගෙනහිරත් පුරා වස්‌තු විනාශ කරනවා. ජාතික උරුමයන් විනාශ කර ඉතිහාසය මකා දමන්න හදනවා. මා මිත්‍ර ජනාධිපතිතුමා මේවා දකින්නේ නැද්ද…….? පේන්නේ නැද්ද…?අපේ කාලයේ පටන් ගත්තු විල්පත්තු පරිසර විනාශය අදත් සිද්ධ වෙනවා. දිඹුලාගල අක්‌කර පනහක්‌ විනාශ කර තිබෙනවා. බැලුම්ගල පුරාවස්‌තු අපේ රජය කාලෙත් විනාශ කළ බව ගැමියන් පැවසුවා. පුරාවස්‌තු විනාශ කිරීම දැනගෙන කළා නම් ඒවාට දඬුවම් ලැබිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුර දක්‌නා නුවණක්‌ තිබෙනවා. එතුමාට වගකීමක්‌ තිබෙනවා මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. මේවාට දඬුවම් නොකොළොත් පාලකයන්ටත් ස්‌වභාවර්ධමයෙන් දඬුවම් ලැබෙනවා. මේවා දිහා උඩ ඉන්න දෙවිවරු බලා ගෙන ඉන්නවා. බැලුම්ගල අවට පුරාවස්‌තු විශාල ප්‍රමාණයක්‌ කැලේට යවවී තිබෙනවා. කැලේ එළි පෙහෙළි කර එම නටබුන් ජනතාවට බැලීමට වන්දනාමාන කිරීමට පාලකයන් කටයුතු කළ යුතුයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.