උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ.

මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන ලද ලිපිද වෙයි.

මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවන් කල සොයා බැලිමේදි ජනතාව් ලබාදුන් ලිපි අගමැතිවරයා සමග සංචාරයෙ යෙදි සිටින අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා අතට ලබාදි ඇති අතර එම ලිපි සදහා කුමක් කරන්නේද යන්න අගමැතිවරයාගෙන් සමන් විමසු අවස්ථාවේ

“ඔනන් ඔවා dismiss කරලා දාන්න ” යනුවෙනි….

පසුව සමන් එම ලිපි රනිල්ගේ ආරක්ෂකයෙකු අතට ලබාදි ඇති අතර ඔහු එම ලිපි රැගෙන ගොස් US හෝටලයේ නතර වි සිට පසුදා උදැසන එම ලිපි මල්ල සමන්ට ආරක්ෂකයා විසින් ලබාදි ඇති අතර සමන් එම ලිපි මල්ල හෝටලයේ සුපවයිසර් තනතුර දරණ පුද්ගලයෙකු අතට දි එය dismiss කරන ලෙස පවසා තිබේ.

ඒ අනුව අදාල ලිපි මල්ල කිලිනොච්චිය දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිට ඇති කැලෑවට විසිකර දමා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

-ලංකා ලීක්ස් ඇසුරින්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *