ජනපතිගෙන් දත් දොස්තර රාජිතට කනේ පහරක්! (Video)

ත්‍රස්‌තවාදියා කවුද, රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

මුදල් ඉපයීමටත්, රට අවුල් කිරීමටත් සාදාගත් එන්ජීඕ වලටත් එම ප්‍රශ්නය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට ගැන රණවිරුවන් ගැන සහ රටේ සභ්‍යත්වය ගැන සිතා කතා කරන්නට යෑයි තමන් ඒ අයගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කීය.

ඇතැම් දේශපාලන මොළේ අමාරුකාරයන්ට රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමට නොහැකි වූවා සේම ඇතැම් වේලාවට රාජ්‍ය මාධ්‍ය ආයතනවලටත් රණවිරුවා පිළිබඳ පැහැදිලි ඇගයීමක්‌ කරන්නට කුමක්‌දෝ අතපසුවීමක්‌ ඇතිවී තිබෙන බව ජනාධිපතිවරයා පැවැසීය.

සැබෑ රණවිරුවා ජීවිත පරිත්‍යාග කරමින් කළ කැපකිරීම පිළිබඳව කිසිවිටෙකත් අමතක නොකරමින් ජනතාවට ඒ පිළිබඳව මතකය අවදි කරමින් ඔවුන්ට ලබා දිය යුතු ගෞරවය සෑමවිටම ලබා දෙන ලෙස තමා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැහැදිලිsව ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

අපේ රජය රණවිරුවන් වෙනුවෙන් කළ සේවාවන් පිළිබඳව රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන කතා නොකිරීම පිළිබඳව තමා කනගාටුවට පත් වන බව පැවැසූ ජනාධිපතිවරයා අපේ ආණ්‌ඩුව බලයට පත් වෙන්නට පෙර තිබුණේ රණවිරු සතියක්‌ බවත් අපේ ආණ්‌ඩුව විසින් මේ මැයි මාසය රණවිරු මාසය ලෙස නම් කළ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු සැමරුම් ස්‌මාරකය අසළදී පෙරේදා (18 වැනිදා) සවස ජාතික රණවිරු සැමරුම් උළෙල පැවැත්විණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *