රටේ හාල් හිඟයක් නැතත් ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත්තේ වෙළෙඳපොල මාෆියාවක් නිසා බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වෙළෙඳපොළට සහල් සපයන මිලට වඩා රුපියල් 15.00ක් – 20.00ක් අඩුවෙන් මේ වන විටත් සහල් වෙළෙඳපොළවල් වෙත නිකුත් කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් ඉතා අඩු මිල ගණන් යටතේ වී ගොවීන්ගෙන් වී තොග මිලට ගෙන ගබඩා කරගෙන සිටින සහල් මාෆියාකරුවන් මේ වන විටත් වෙළෙඳපොළේ ඉතිරිව පවතින වී තොග මිල ක්‍රමානුකූලව ඉහළ දමමින් තම ගබඩාගත වී තොග සහල් බවට පත් කරමින් සිටින බවද ලේකම්වරයා පවසයි.
මේ අනුව ඉදිරි මාසය වන විට සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ටද අඩු මිල ගණන් යටතේ සහල් තොග සැපයීමට නොහැකි වනු ඇති බවද සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
රටේ කිසිදු වී හිඟයක් නොමැති අවස්ථාවක මහා පරිමාණ සහල් මාෆියා සමාගම් කීපයක් එක් සහල් කිලෝවකින් රුපියල් 20කට වැඩි ශුද්ධ ලාභයක් තබා ගනිමින් පාරිභෝගිකයන් ගසා කන බවත් මහ කන්නයේ පැවැති වී මිල මත පදනම්ව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.
-මව්බිම-