සයිටම් සිසුන් 980 කොතලාවල වෛද්‍ය පීඨයට!

සයිටම් වෛද්‍ය පීඨ සිසුන් නවසිය අසූදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඊයේ(11) කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කරගනු ලැබුවේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණද එය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *