සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අයි.බී.අබේසිංහ මහතා අද(09) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දිවි නැඟුම සංශෝධිත පනතට අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට හැකියාවක් නොමැති බවයි.
මෙම ආණ්ඩුව හොරිකඩ ආණ්ඩුවක් බවත්, එය පවත්වාගෙන යාමට මුදල් නොමැති හේතුවෙන් අහිංසක ජනතාවගේ මුදල්ද විනාශ කිරීමට මේ ආණ්ඩුව සැරසෙන බවත් ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව පෙළගැසෙන බවත්, ඒ සඳහා නොනවතින මරාගෙන මැරෙන අරගලයක් ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටියේය.
රනිල් අග්‍රමාත්‍යවරයා විසින් සිදු කළ මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවත්, එවැනි දෙයක් කිරීමට රනිල් අගමැතිවරයාට ඇති අයිතිය පිළිබඳව මෛත්‍රී ජනාධිපතිවරයා කරුණු දැක්විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම ඒ අවස්ථාවට එක් වෙමින් බී එම් ඒ බස්නායක මහතා කියා සිටියේ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කඩුව අතට ගෙන ක්‍රියාත්මක විය යුතු බවයි.