ශ්‍රීලනිප 16ක් විපක්ෂයට; එජාප ආණ්ඩුව පෙරළන මැයි 08 අරගලය ඇරඹෙයි (Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස්‌ දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස්‌ විපක්‍ෂයේ අසුන් ගත්හ.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා සභා ගැබට පිවිසීමට පෙර මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාදවන අවස්‌ථාවේදී මෙම හිටපු ඇමැතිවරු සභාව මැදින් ගොස්‌ විපක්‍ෂයේ අසුන් ගත්හ.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනා පෙරටු කරගත් මෙම මන්ත්‍රීවරුන් දහසය දෙනා විපක්‍ෂය වෙත පැමිණෙද්දී සභා ගැබෙන් සිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිය මේස මතම තට්‌ටු කරමින් ප්‍රසාදය පළ කළහ. මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සොයිසා යන මන්ත්‍රීවරු ඉදිරියට පැමිණ විපක්‍ෂයට ආ ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් දහසය දෙනාට අතට අත දී පිළිගත්හ.

මෙසේ විපක්‍ෂයට ආ මන්ත්‍රීවරුන් අතරින් ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, එස්‌. බී. දිසානායක සහ සුමේධා ජී. ජයසේන යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට විපක්‍ෂයේ පළමු පෙළ අසුන් වෙන් කර තිබිණි.

අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරුන්ට දෙවැනි පෙළ අසුන් ද ලක්‍ෂ්මන් යාපා, චන්දිම වීරක්‌කොඩි, දයාසිරි ජයසේකර සහ සුසන්ත පුංචිනිලමේ යන මන්ත්‍රීවරුන්ට තුන්වැනි පෙළ අසුන් ද, තිලංග සුමතිපාල, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්‍ෂ්මන් වසන්ත සහ තාරානාත් බස්‌නායක යන මන්ත්‍රීවරුන්ට සිවුවැනි පෙළ අසුන් ද අනුරාධ ජයරත්න මහතාට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමග පස්‌වැනි පෙළෙහිද අසුන් හිමිවී තිබිණි.

මේ නිසා මෙතෙක්‌ කලක්‌ විපක්‍ෂය පැත්තේ අවසන් පෙළෙහි අසුන් ගෙන සිටි එජාප මන්ත්‍රීවරුන් දහසය දෙනෙකුට ආණ්‌ඩුව පැත්තෙන් අසුන් ලැබී තිබිණි.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ අසුනක්‌ හිsමිව තිබූ විජයදාස රාජපක්‍ෂ මහතා යළි ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීම නිසා ආණ්‌ඩු පක්‍ෂයේ දෙවැනි පෙළ අසුනක්‌ හිමිවී තිබිණි. ඒ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතාගේ අසුන අසලය. එමෙන්ම ඇමැති ධුර අලුතින් පත්වීම නිසා සහ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා විපක්‍ෂයට යැම නිසා සභා ගැබෙහි ආසන පිළිවෙලෙහි බොහෝ වෙනස්‌කම් සිදුව තිබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.