ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේ තම මතවාදය සමඟ කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් බව කී කොඩිතුවක්කු මහතා ඔවුන්ට එම මතවාදය සමඟ සිටිය නොහැකි නම් ජනාධිපතිවරයා විසින් ලබාදුන් මන්ත‍්‍රී ධූර යළිත් භාරදිය යුතු බව සඳහන් කළේය.

එවිට තම මතවාදය ගරු කරන පිරිසක් එම ධූරයන්ට පත්කරගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමිවන බව ද ඔහු කීවේය.

දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වී එම ආදර්ශය ලබාදුන් බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *