ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)

“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි.

ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය නොව අවාසනාවෙන් පිරිණු මිලේච්ඡ සමයකි. එදා පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වඩා ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමට බුකී කරුවන්, ජාවාරම්කරුවන් ඇතුළු කුප්‍රකට ව්‍යාපාරිකයින් මහත් වු පරිශ්‍රමයක් දරන්නට පටන් ගත්හ.

වර්ෂ 2000 දී හෙළිදරව් වීමට පටන් ගත් විවිධ රටවලින් පටන් ගත් මුදලට තරඟ පාවාදීමේ අනාවරණයන් සහ අල්ලස් චෝදනා මෑත භාගය වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කීර්තිනාමය මුලුමනින්ම කෙළෙසා දමා ඇති අතර අද ශ්‍රී ලංකා ක්‍රිකට් යනු බුකී කරුවන්ගේ සහ ඔට්ටු අල්ලන්නන්ගේ සූදු තිප්පලක් බවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට විවිධ කතා ප්‍රචාරය වුවද ඒ පිළිබඳව ගවේෂණාත්මක හෙළිදරව්වක් මෙතෙක් සිදු වූයේ නැත. එහෙත් පසුගියදා ලොව සුපතළ රූපවාහිනී නාලිකාවක් වූ “අල්ජසීරා” මඟින් සිදුකළ අනාවරණය මේ වන විට ක්‍රිකට් වලට තම ජීවිතය මෙන් ආදරය කළ ක්‍රීඩා ලෝලීන්ට සහ “ශ්‍රී ලංකා ක්‍රිකට්” සම්බන්ධයෙන් විශ්වාසය තැබූ ලොවපුරා ජනතාවගේ හදවත් කම්පා කර අවසන්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.