ආණ්ඩු මෙරට විශේෂඥයින්ට නොගෙව්වාට පිටරට අයට ඉල්ලන ගානක් ගෙවනවා- ආචාර්ය නයන දෙහිගම

“අපේ ආයතනයට වුණත් ලොකු හිඟතාවයක් තියෙනවා, නියම විශේෂඥයින් ලබා ගන්න එකේ. ඒකට හේතුව තමයි Domain expertise කියන එක ලංකාවේ තාක්ෂණික විෂය උගන්වන ආයතනවලින් උගන්වන්නේ නැහැ. ඒ ආයතනවලින් උගන්වන්නේ සාමාන්‍ය දැනුම. එහෙම එන අය ඉන්ඩස්ට්‍රී එකට අරගෙන ඒ දැනුම එකපාරටම කාර්මාන්තය තුළ පාවිච්චි කරන්න බැහැ. ඒ ගොල්ලන්ව ගොඩක් පුහුණු කරන්න ඕනේ.“

“ලංකාවේ හැටියට IT Industry එකේ ඉන්න අයට, අනෙක් කර්මාන්ත ක්ෂේත්‍රවලට වඩා හොඳ වැටුපක් ලැබෙනවා. හැබැයි වෙන රටවල මීට වඩා හොඳ මිලක් ඔවුන්ට ගෙවනවා. ඒ නිසා තමයි ඔවුන් ලංකාවෙන් යන්නේ. ඒකටත් හේතු තියෙනවා.“

“වෙන රටකින් ඇවිල්ලා ලංකාවට IT සොලියුෂන් එකක් දෙන කොට අපි සැදී පැහැදී ඉන්නවා ඩොලර් මිලියන ගණන් දීලා ඒ සොලියුෂන් එක ගන්න. හැබැයි ඒ සොලියුෂන් එකම, ඒ සොෆ්ට්වෙයාර් එකම අපි, ලංකාවේ හදලා ඒක රජයේ ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට අපි දෙන කොට අර පිටරටට ගෙවන ඩොලර් මිලියන් ගාණ වෙනුවට ලංකාවේ රුපියල්වලින්වත් මිලියන දෙක තුනක් ගෙවන්න මැලි වෙනවා. එතන දී ප්‍රශ්නයක් ඇති වෙනවා අපේ ආදායම අඩුවෙනකොට කොහොමද අපි අපේ විශේෂඥයින්ට ගෙවන්නේ කොහොමද කියන එක. ලංකාවේ ඇතුළේ බිස්නස් කරලා නම් ඒ වගේ විශේෂඥයින්ට ගෙවන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා එකම ක්‍රමය ලංකාවෙන් එළියට යන එක. එළියට ගිහින් විදේශ විනිමයෙන් ආදායමක් ලබලා තමයි මේ විශේෂඥයෝ තියා ගන්න සිදුවෙලා තියෙන්නේ.“

ආචාර්ය නයන දෙහිගම මේ පිළිබඳව පළ කළ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

-අද දෙරණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.