දුම්රිය වර්ජනය පැය 12කින් කල් දමයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය හෙට(09) දහවල් 12 දක්වා තාවකාලිකව කල්දමා තිබේ.

වැටුප් විශමතාව ඉවත් කිරීම සිදු කරන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන්,රියදුරන්,ස්ථානාධිපතිවරුන් සමඟ දුම්රිය පාලකවරුන් බලධාරීන්ගෙන් සිදුකල ඉල්ලීමට විසඳුම් ප්‍රමාදවීමට අදාළව වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම වෘත්තිය සංගම් පවසා තිබුණි.

ඒ අනුව අද දින ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟද සාකච්ඡාවක් පැවති මුත් එය අසාර්ථක වී තිබේ.

කෙසේ වෙතත් හෙට කැබිනට් මණ්ඩලය රැස්වී මීට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කරන තෙක් වර්ජනය හෙට දහවල් 12 දක්වා කල් තැබීමට වෘත්තීය සමිති බලධාරීන් අද පස්වරුවේ තීරණය කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.