දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි.

වසර පහක්‌ හෝ දහයක්‌ නොව වසර 20 ක්‌ 30 ක්‌a දක්‌වා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ ගෙන යැමට අවශ්‍ය නව නායකත්ව පරපුරක්‌ එජාපය මේ වන විට ඇති කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය කාලයේ සිටි ජාතික මට්‌ටමේ නායකයන් මෙන්ම ප්‍රාදේශීය නායකයන් 16,000 ක්‌ පමණ ඝාතනයට ලක්‌වූ බවත් එම අඩුව පිරවීම ඉතා අසීරු බවත් අගමැතිවරයා මෙහිදී කීය.

කෙසේ වෙතත් ජාතික නායකයන් නොමැතිව කරකියා ගත නොහැකි තත්ත්වයක්‌ යටතේ තමන් පක්‍ෂය භාරගෙන පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කිරීම දක්‌වා පක්‍ෂය මෙහෙය වූ බවද හෙතෙම සිsහිපත් කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පසුබෑමකට ලක්‌වුවද මීළඟ ජාතික මැතිවරණ ජයග්‍රහණය කළ හැකි තත්ත්වයක්‌ තමන් ඇති කරන අතර ඒ සඳහා පක්‍ෂය මෙහෙයවීමට නව නායකත්ව පරපුරක්‌ බිහිකොට ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙවර මැයි දින රැලිsය “පරිණත නායකත්වයට නව ජවයක්‌ නමින්” සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 10.00 ට පමණ පැමිණීමත් සමඟ එජාප මැයි රැලිsය ආරම්භ වූ අතර ඔහුගේ දකුණු පසින් නව මහ ලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා ද, දකුණු පසින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද අසුන්ගෙන සිටියහ.

ඉදිරිපෙළ අසුන්වල නවීන් දිසානායක, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙන්ම නව නිලධාරි මණ්‌ඩලයද අසුන්ගෙන සිටිනු දක්‌නට ලැබිණි.

මැයි රැලිය ආරම්භ කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අදහස්‌ දැක්‌වූ අතර පසුව අජිත් පී. පෙරේරා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්‌ඩාර, අකිල විරාඡ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.