බැඳුම්කරයෙන් ගත් අල්ලස් ගැන CIDය දයාසිරිගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි..?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

මෙහිදී ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් සිදුනොකරම ගමන්කොට ඇතැයි වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.