ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක්; ඉහළ උසාවියකට ගොස් බේරෙයිද..?

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර ඇත.

හෝමාගම ප්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව රුපියල් 3000ක දඩයක් හා මාස 6කින් ගෙවී යන පරිදි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් 1 හා 2 යන චෝදනා යටතේ ලබා දීමට නියෝග කර ඇත.

මීට අමතරව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දි මුදලක් එකවර ගෙවන ලෙස ද නියම කර ඇති අධිකරණය එසේ නොගෙවන්නේ නම් මාස 3ක සිරදඬුවමක් ද ගෙවීමට නියම කර තිබේ.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන් වැරදිකරු බවට ප්‍රකාශයට පත් කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.