පැය 6කට වඩා එකම තැනක වාඩි වී සිටීම මරණයට හේතුවක්

පැය හයකට වඩා එකම ස්‌ථානයක වාඩි වී සිටින පිරිමින්ගෙන් සියයට 48 ක්‌ද කාන්තාවන්ගෙන් සියයට 94 ක්‌ද මිය යැමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත සෑම අයෙකුම දිගු වේලාවක්‌ වාඩි වී රාජකාරි කිරීම වෙනුවට විනාඩි 30 ක කාලයකට වරක්‌ නැගිට ඇවිදීම කළ යුතු බවද කුඩා දරුවන් පවා එකම ස්‌ථානයක දිගු වේලාවක්‌ වාඩි කර තැබීමෙන් වැළකිය යුතු බව ඔහු කීවේය.

මෙහිදී කුඩා ළමුන් ව්‍යායාම වලට හුරු කිරීමෙන් අනාගතයේදී ඔවුන් උදර තරබාරු තත්ත්වයට පත්වීම වළක්‌වා ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.