වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරට

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දින දෙකක උතුරේ සංචාරයක යෙදෙන බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු දුමිදු දිසානායක සදහන් කළේ උතුරේ මාධ්‍ය නිදහසට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති නීතිවිරෝධී කේබල් රූපවාහිනි සම්බන්ධයෙන්ද එම සංචාරයේදි අවධානය යොමුකරන බවයි.

පසුගිය මැයි 28 වැනිදා යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වු Kalai kathir පුවත් පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජේන්ද්‍රන්ගේ සුවදුක් සොයා බැලිමට මෙන්ම ඔහුට පහරදුන් මැරයන් සම්බන්ධයෙන් යාපනයේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කර ඇති ආකාරය සොයා බැලිම මෙන්ම උතුරේ දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරිමටද,නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් සොයා බැලිම මෙන්ම උතුරේ හමුදා නායකයින් සමගද සාකච්ඡා කිරිම සහ උතුරේ මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක්‍රියාකාරින් සහ සිවිල් ක්‍රියාධරයන් හමුවි සාකච්ඡා කිරිමටද නියමිත බවයි එම ව්‍යාපාරයේ කැදවුම්කරු දුමිදු දිසානායක සදහන් කළේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.