එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා.

ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ සිට පහළට සියලු තනතුරු සඳහා ඡන්දයකින් පුද්ගලයින් තෝරා පත් කර ගනිමින් පුළුල් සහ පාක්ෂිකයින් ඉල්ලා සිටින ප්‍රතිසංවිධානයක් ඇති නොකිරීම බවද එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු අනාවරණය කර තිබේ.

මිට අමතරව රනිල්ගේ ගජමිතුරු කල්ලියේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව විමද ස්වාධින විමේ තවත් අරමුණක් බවද එම කණ්ඩායමේ මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගේම සහයද එම කණ්ඩායමට ලැබී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ විරෝධය නොතකා ක්‍රියා කළ හොත් දෙවැනි පියවර ලෙස යහ පාලන ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරන බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂයේ එම පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම ඔහු ඊටත් අවනත නොවුණ හොත් අවසන් පියවර ලෙස ඔහුට එරෙහිව යළිත් එක්සත් ජාතික පක්ෂයෙන්ම විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටද මේ වනවිට සාකච්ඡා කරමින් සිටි.

ජාතික ආණ්ඩුවේ ප්‍රබල පාර්ශවයක් වු මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප කණ්ඩායම මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව සිටිම හේතුවෙන් ඔහුන්ගේ සහයද ලබා ගැනිමට හැකි වන බව තම කණ්ඩායම විශ්වාසය කරන බවත් ශ්‍රිලනිප කණ්ඩායම,එජාපයේ රනිල් විරෝධී කණ්ඩායම මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද සහයෝගය ලබාගැනීමට ඉදිරියේදි සාකච්ඡා ආරමභ කිරිමටද නියමිතයි.

-lankaleaks.net-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.