අද සාකච්ඡාවත් අසාර්ථකයි; වර්ජනය තවත් ඉදිරියට ඇඳෙයි

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අදත් ආසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් , අරඹා ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියට ගෙන යන බවත් තැපැල් වෘත්තිය සංගම් පවසයි.

කෙසේ වෙතත් හෙට(26) දිනය වන විට තැපැල් සේවක ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි තැපැල් අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාලව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිරකිරීම් සහ උසස්වීම් නියමිත පරිදි ලබාදෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 15 ක් සපිරෙයි.

එයට සමගාමීව තැපැල් සේවක උපවාසයක්ද ක්‍රියාත්මක පසුබිමක වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද දහවල් තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදි විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවට සහය දැක්විම සඳහා ගුරු, විදුහල්පති, වරාය ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරන වෘත්තිය සමිති රැසක නියෝජිතයන්ද පැමිණ සිටියේය.

මේ අතර ගාල්ල, අම්බලන්ගොඩ, ත්‍රිකුණාමලය, හැටන් ආදි ප්‍රදේශ රැසක තැපැල් සේවකයන් අද සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණවල නිරත වූ අතර ඇතැම් ප්‍රදේශවල දේව කන්නලව්ද පැවැත්විය.

මේ අතර වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිෂන් සභවේ සභාපතිවරයා සිදු කළ සාකච්ඡාව අසාර්ථක බැවින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසන්නේ ක්‍රියාත්මක කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියට ගෙන යන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.