අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් ලෙස කිසිදු පදනමක් නොමැතිව ඇමැති ඥාතීන්ට ලබා දී ඇති පත්වීම් වහාම අවලංගු කරන ලෙස තමා කළ නියෝගය කඩකර ඇති අමාත්‍යවරුන් පිළිබඳව කඩිනමින් වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී තිබේ. අමාත්‍යාංශ බොහොමයක ඇති ආයතන සඳහා ඇමැතිවරුන් සිය පුත්‍රයන්, ඥාති පුත්‍රයන්, මස්සිනාවරුන්, සොහොයුරන් සහ බිරින්දෑවරුන්ද පත්කර ඇති බවට ජනාධිපතිවරයාට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබේ.
මෙම පැමිණිලි පදනම් කරගනිමින් ජනාධිපතිවරයා ඇතැම් අමාත්‍යවරුන්ට පෞද්ගලිකවම කරුණු පැහැදිලි කර දී මෙම තනතුරු සියල්ල අවලංගු කර ඒ සඳහා දක්ෂ පළපුරුදු වෘත්තිකයන් හා විද්වතුන් හෝ පරාජයට පත්ව ඇති දේශපාලනඥයන් පත්කරන ලෙස උපදෙස් දී තිබේ.
අමාත්‍යවරුන් කිහිපදෙනකු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එම පත්වීම් කිහිපයක්ම අවලංගු කර ඇති අතර ඇතැම් අමාත්‍යවරුන් හිතා මතාම මෙම නියෝග කඩකරමින් සිටින බවද ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබේ.
මේ අතර පළාතේ දේශපාලනඥයකු වන සිය පුත්‍රයා ආයතනයක සභාපතිවරයා ලෙසට පත්කර ඇති උෟව පළාතේ අමාත්‍යවරයකුට ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ෙදාස් පවරා ඇති අතර ඔහු ඒ ගැන කිසිදු තැකීමක් නොකර ඇති බවද වාර්තා වේ.