ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් ගණිකා මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය කළමනාකරු එම චෝදනාවට වරද පිළිගත් හෙයින් ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඔහුට රුපියල් හැටදහසක දඩයක් නියම කළේය.
ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එම හෝටලයේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවන් 06 දෙනාට එක් කාන්තාවකට රුපියල් සියය බැගින් රුපියල් 600 ක දඩයක් නියම කෙරුණි. ඉකුත් 10 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු සහ සැකකාරියන් 06 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයට 18 දා ඉදිරිපත් කර තිබූ අතර සැකකරු සහ සැකකාරියන් 06 දෙනාට විරුද්ධව ගම්පහ පොලිසිය චෝදනා ගොනු කර තිබිණි.
එම චෝදනාවන්ට වරද පිළිගත් ගම්පහ ඉහළයාගොඩ පදිංචි දිනේෂ් සමන් ජයසිංහ නමැති හෝටල් කළමනාකරුට සහ කඳුබොඩ පහළයාගොඩ දෑලතුර, උඩුපිල, රන්පොකුණගම පදිංචිකාරියන් 06 දෙනාට මෙසේ දඩ නියම විණි.
ඉකුත් 10 වැනිදා අලුයම ගම්පහ පොලිසිය මගින් ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලය වටලා සැකකරු සමග ටෙලි නාට්‍ය නිළියත් ඇතුළු සැකකාරියන් 06 දෙනා අත්අඩංගුවට ගෙන එදිනම (10) ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය සැකකරු සහ සැකකාරියන් 06 දෙනා 18 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අධිකරණ නියෝග මත සැකකාරියන් 06 දෙනාව කොළඹ ජාතික රෝහලේ සමාජ රෝග සම්බන්ධ වෛද්‍යවරයාට යොමුකළ බවට මහර බන්ධනාගාර අධිකාරිවරයා 18 වැනිදා නඩුව කැඳවූ අවස්‌ථාවේ ලිපියක් අධිකරණයට වෙත යොමු කරනු ලැබූ අතර වෛද්‍ය වාර්තා අධිකරණය වෙත ලැබී නොමැති බවට අධිකරණයේදී සඳහන් විය.