ශ්‍රීලනිප 16 කණ්ඩායම බැසිල් හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද (28) පස්වරුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදි මෙම හමුව සිදුවිය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව ඉතාමත් සුහදව සිදු කෙරුණු බවත් ඉදිරියේදී දෙපාර්ශවයම පොදු වැඩපිළිවෙලක් යටතේ කටයුතු කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් දාසයදෙනාගේ කණ්ඩායමේ ක්‍රියාකලාපය අද දිනයේදිත් ප්‍රසන්න රණතුංග මහතාගේ විවේචනයට ලක් වූ අතර එහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ පසුගිය අවුරුදු තුනක කාලය තුළ සියලු වරප්‍රසාද භුක්තිවිඳ ආණ්ඩුව සමඟ ගමනක් නොමැති බව දැනගෙන කොටසක් අපත් සමඟ එක්වීමට උත්සහ කරන බවත් තවත් පිරිසක් සත් භාවයෙන් අපත් සමඟ එක්වීමට සිටින බවද ඒ මහතා පැවසීය.

ඕනෑම පුද්ගලයෙකුට අප සමඟ එක් විය හැකි බවත් එසේ එක් වන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගන්නා ඕනෑම කෙනෙකුට අපගේ සහයෝගය දක්වන බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.