සිරිකොතේ රහස් සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පසුගියදා “සිරිකොත” එම පක්ෂයේ මූලස්ථානයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට සහභාගී වූ බහුතරය රනිල් හිතවාදීන් වන අතර මෙහිදී එජාපයේ ඉදිරි මැතිවරණ සැලසුම් සහ පක්ෂය තුළ රාජකීයන්ගේ විධායක බලය අභියෝගයකින් තොරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරු පිරිසකට අපේක්ෂක වරම් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තාවේ. එසේ අපේක්ෂක වරම් අහිමි වන ඇමැතිවරුන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ දරුවකුට හෝ බිරියට එසේත් නැතිනම් පවුලේ අයකුට තමන් නියෝජනය කරන ආසන සංවිධායක ධුරය සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ සැලසිය යුතු බවද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයට තවත් නියෝජ්‍ය නායක තනතුරක් ඇති කිරීමටත් එම තනතුර දැනට පක්ෂයේ මහ ලේකම් තනතුර දරන අකිල විරාජ් කාරියවසම් මහතාට ලබාදීමටත් සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ. පක්ෂයට තවත් උප සභාපති ධුර කිහිපයක් ඇති කිරීමටද තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තවදුරටත් තබාගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණයකට එළැඹ ඇතැයිද ‘සිරිකොත’ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය අහිමි වන ඇමැතිවරු අතර සාගල රත්නායක, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, එස්.බී. නාවින්න, සරත් ෆොන්සේකා, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන ඇමැතිවරු ඇතුළු ‍ෙදාළොස් දෙනකුගේ නම්ද සඳහන් වූ බව එම ආරංචි මාර්ග කියයි.

එම රහස් සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ සම්මේලනයට ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *