ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීමේ මෙහෙයුම ඇරඹෙයි

තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත.

තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය 26වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය. වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති 25ක් වර්ජනයක නිරතව සිටියේය. දින 16ක් පැවැති වර්ජනය පසුගියදා අවසන්වීමත් සමග නැවතත් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට ඔවුන් යොමුව තිබේ.

සියලු ලිපි දින දෙකක් තුළ බෙදාහැර අවසන් කරන බව, තැපැල් සේවකයන් කියා සිටි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ පමණක් කිලෝ ග්‍රෑම් 25,000කට අධික තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර එම තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ දිනයේ සිට ලොරි රථ 6කින් අඛණ්ඩව සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *